මප/කටු/පූජා/ මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය

නිර්මාතෘවරු

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2024

තෙවන වාර අවසාන විභාගය නුදුරේදීම පැවැත්වේ. සුදානම් වන්න

123.png
123.png
next arrow
previous arrow

 දැනට සියවස් ගණනාවකට පෙර , කොටමුදුන්ගල රජමහා විහාරස්ථානය ආශ්‍රමික අධ්‍යාපන ආයතනයක් ලෙස ක්‍රියාකර ඇත. එකල මොලගොඩ ගම්මානය ආශ්‍රිත සියලුම දෙන අධ්‍යාපනය ලැබුවේ කොටමුදුන්ගල විහාරස්ථානය ඇසුරේය. උදාසන ශ්ලෝක කියවීම සදහා පිරිමි ළමුන් පමණක් නොව කුඩා ගැහැණු ළමුන්ද එක්වී ඇත. එකල මෙම විහාරස්ථානයේ විහාරදිපතිව වැඩ විසුවේ දොරණෑගම ශ්‍රී පියදස්සි හිමියෝය. එදා තිබු එම ආරාමික අධ්‍යාපනික ආයතනය 1928 දී මොළගොඩ විහාරස්තා දහම් පාසල බවට පත්ව පසුව මොළගොඩ ශ්‍රී පියදස්සි බෞද්ධ මිශ්‍ර පාඨශාලාව බවට පරිවර්තනය විය. 

 අද මොළගොඩ ශ්‍රී පියදස්සි රජයේ විද්‍යාලය බවට පත්ව තිබෙන්නේ එදා තිබුණු මොළගොඩ ආශ්‍රමික අධ්‍යාපන ආයතනයයි. තවද හරන්කහව මිෂනාරී පාසැල ආරම්භ වීමත් සමග බෞද්ධ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සදහා කොටමුදුන්ගල රජමහ විහාරස්ථානය විසින් මෙම පාසල ඉදිකළ බවද මිනිසුන් අතර ප්‍රචලිත මතවාදයකි.