1922 වර්ෂයේ කොටමුදුන්ගල රජමහා විහාරාධිපතිව වැඩ සිටි පලීපාන ශ්‍රී මේධංකර නාහිමිපාණන් විසින් මොළගොඩ ශ්‍රී පියදස්සි විද්‍යාලය ආරම්භ කර ඇත.

තාවකාලික පොල් අතු මඩුවකින් සෙවන ලබාගත් විදු මෑණියන්ගේ ප්‍රථම දිනයේදී සිටියේ ළමුන් 6 දෙනෙකු සහ එක ගුරුවරයෙකු පමණි. ශ්‍රී පියදස්සි විදුහලේ ප්‍රථම ගුරුවරයා ලෙස පි.බි.දිසානායක මහතා ඉතිහාසගත වේ.1931 වන විට මෙහි 01 සිට 08 තෙක් ශ්‍රේණි තිබී ඇති අතර 08 සමත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි දුර අධ්‍යාපනය සදහා හරන්කහව විදුහලට බදවා ගෙන ඇත.1932 වර්ෂයේදී ශ්‍රී පියදස්සි විදුහල රජයේ විදුහලක් බවට පත් විය.
1933 වර්ෂයේදී ශ්‍රී පියදස්සි විදුහලේ වහලයට පිදුරු සෙවෙලි කිරීම සිදු විය.1922 සිට 2024 දක්වා විදුහල්පතිවරුන් 20 දෙනෙකු සහ ගුරුවරු රාශියකගේ ඉගැන්වීම් මධ්‍යස්ථානයක් බවට පියදස් විදු මෑණියන්ට හැකි වි ඇත. ළමුන් දහස් ගණනකගේ දෑස් පාදමින් ගුරුවරුන් , වෛද්‍යවරුන්,ඉන්ජිනේරුවන්, ගණකාධිකාරීවරුන් වැනි බොහෝ රැකියා වල නිරත වන මිනිසුන් බිහි කිරීම ශ්‍රී පියදස් මෑණියන් ලැබූ විශාල ජයග්‍රහණයකි.
ස්තුති.....





