මප/කටු/පූජා/ මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2024

තෙවන වාර අවසාන විභාගය නුදුරේදීම පැවැත්වේ. සුදානම් වන්න

123.png
123.png
next arrow
previous arrow
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යවක්ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු ය.
  • පාසල පටන් ගැනීම සදහා පළමු සීනුව නාද කල විට නිශ්ශබ්දව පන්ති කාමරවල තම තමන්ගේ ස්ථාන කරා යා යුතු අතර දෙවන සීනුව නාද කල විට පන්සිල් ගැනීමට සුදානම් විය යුතුය.
  • ගුරු මහත්ම මහත්මීන්ට , ශිෂ්‍ය නායක නායිකාවන්ට අකීකරු අන්දමින් හැසිරීම සම්පුර්ණයෙන්ම තහනම්ය.
  • ශිෂ්‍යාවන්ගේ නිල ඇදුමේ උස දණහිසෙන් අගලක් පහලට සිටින සේ හා ඉන , අතේ වැල මිට ගැවෙන ස්ථානයට යොදා ඇදිය යුතු අතර කොණ්ඩය දෙකට බෙදා පීරා අග නවා සුදු පීත්ත පටියක් බැදිය යුතුය.
  • ශිෂ්‍යයන්ගේ නිළඇදුමේ කලිසම ඉනට ඇදිය යුතු අතර කොණ්ඩය කොටට කපා පිරිය යුතුය.
  • පාසලට පැමිණීමෙන් පසු පාසල හමාර වනතුරු අවසරයක් නොමැතිව කිසිදු හේතුවක් මත භූමියෙන් පිටතට නොයා යුතුය.
  • විවේක කාලය තුළ දී පමණක් ආපන ශාලාවට පැමිණිය හැකි අතර ඉගැන්වීම් සිදුවන කාල්ච්චේද වලදී ආපන ශාලාවට යාම නොකළ යුතුය.
  • පන්ති පැවැත්වෙන වෙලාවේදී තමන්ට අදාල නොවන පන්තිවල හෝ පාසල් පාසල් මිදුලේ ගැවසෙමින් සිටීම තහනම්ය.
  • අනවශ්‍ය පොත් පත් ,සගරා, චායාරූප, ජංගම දුරකථන පාසලට ගෙන ඒම සපුරා තහනම්ය.
  • ලී බඩු එහා මෙහා කිරීමේදී බිත්තිවල හැප්පීම නොකළ යුතුය.
  • වැසිකිලි යාම ,ජාල කරාම භාවිතය ආදී කටයුතු වලට විවේක කාලය පමණක් පාවිච්චි කල යුතුය.
  • පාසල් කාලය තුල පාසලට පැමිණෙන කිසිම අමුත්තෙක් සමග අවසරයක් නොමැතිව කතා බහ කිරීම සපුරා තහනම්ය.
  • අනවශ්‍ය ලෙස කොණ්ඩයට මෝස්‌තර දැමීම , විවිධ මෝස්තරවලට සපත්තු දැමීම නොකළ යුතුය.
  • පාසල් වේලාවෙන් පසුව මහා මාර්ග වල බස් නැවතුම්වල නිකරුනේ ගැවසීම තහනම්ය.
  • බස් රථ හා මහා මාර්ගයේ ගමන් කිරීමේදී පාසලේ ගරුත්වයට හානි වන අන්දමින් හැසිරීම නොකළ යුතුය.
  • පාසල නියෝජනය කරමින් සහභාගී වන කවර හෝ අවස්ථාවක සම්පුර්ණ පාසල් නිල ඇදුමින් සහභාගී විය යුතුය.
  • යම් හෙයකින් පාසලට පැමිණීමට නොහැකි උවහොත් ඒ සෑම අවස්ථාවකම දෙමාපියන් හෝ භාරකරුවන් විසින් පන්ති භාර ගුරු භවතා දැනුවත් කල යුතුය.
  • පෞද්ගලික  පන්තිවලට යාමේදී පාසලේ,විදුහල්පතිතුමාගේ හා ගුරු භවතුන්ගේ ගෞරවයට හානිවන කිසිම දෙයක් නොකළ යුතුය.
  • ජාතික ගිය හා පාසල් ගිය ගයනා කිරීමේදී සීරුවෙන් සිට ගයනා කළ යුතුය.
  • උදෑසන රැස්වීමට සියලුම ශිෂ්‍යයන් සහභාගී විය යුතුය.
  • පාසලට පැමිණීමේදී හා පිටවීමේදී පාරේ දකුණු පැත්තෙන් ගමන් කල යුතුය.
  • පාසලේ සිදුවන විශේෂ උත්සව , සැමරුම් අවස්ථාවන් වලදී සංවිධාන කටයුතුවලට සහයෝගය දී සහභාගී විය යුතුය.
  • පාසැල තුල මෙන්ම පිටතදී උවද ගුරු භවතුන්ට අවනත විය යුතුය.