සිරිලක කදුකර සුන්දර පියසක
මොළගොඩ ගම්වරයේ...
සරුබර කෙත්වතු ගම්බිම් අතරෙක
ශාන්ත පරිසරයේ...
වොරදෙන ගුණ ගිහිණි
අප විදුහල් මෑණි...
ශ්‍රී පියදස්සි විදුහල අපේ...
අප ජිවන මග කරන ඔපේ...
සිරිලක.......
අවිදු අදුර මැඩ විදු නැණ එළි කර
සුමග චරිතයෙන් අප පොහොසත් කළ
මානව ගුණ දහමේ මවත හැර පෑවේ...
සිරිලක......
දැනුම හැගුම නිසි මගකට යොමු කර
දෑ බැතියෙන් අප හදවත් මත් කළ
ජය දද කෙහෙළි නගා
වොරදේවා සැමදා....///





