මප/කටු/පූජා/ මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2024

තෙවන වාර අවසාන විභාගය නුදුරේදීම පැවැත්වේ. සුදානම් වන්න

123.png
123.png
next arrow
previous arrow
 නිවාසාන්තර ක්‍රීඩා උළෙල  2024

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024

 පාසලේ දරු දැරියන්ගේ කායික ,මානසික ,සමාජයීය හා අධ්‍යාත්මික සුවතාවයන්  පරිපුර්ණ කිරීමේ ඉලක්ක සපුරා ගැනීම උදෙසා සෑම දරුවෙකුම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කල යුතුය යන සංකල්පය මුලික කර ගනිමින් ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරතවන දුවා දරුවන්

ඉන් ලබා ගන්න නිපුණතාවයන් හා හැකියාවන් මැන බැලීමත් කොට්ඨාස හා කලාප තරග සදහා සැබෑ දක්ෂයන් යොමු කිරීමත් අරමුණු කර ගනිමින් මෙවර ශ්‍රී පියදස්සි නිවාසාන්තර ක්‍රීඩා උළෙල ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය විසින් හරන්කහව ක්‍රීඩාංගනයේ පැවැත්වූ පළමු ක්‍රීඩා උළෙල මෙය වීමත් සුවිශේෂී හා ඉතිහාස ගතවන කරුණකි. කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුජීවා එස්. වීරසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවතී මේ සදහා සම්භාවනීය ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ විය. කොටමුදුන්ගල රජමහා විහාරාධිපති,බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, මහාචාර්යය පුජ්‍ය  ගල්ලෑල්ලේ සුමනරතන ස්වාමීන්වහන්සේ වහන්සේ ඉන් ප්‍රධාන වේ.

ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වීම උදෙසා සහයෝගය ලබා දුන්  ගරු විදුහලතිතුමන්, ආචාර්යය මණ්ඩලය, විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ දෙමාපියන්ට ස්තුතිවන්ත විය යුතුය.

 

Latest News

ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දෙන දරුවන්ට පැවැත්වූ ආශීර්වාද පුජාව 2024

2024 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කුඩා දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනය හා ගණදෙවි පුජාව

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2024

මොළගොඩ ශ්‍රී  පියදස්සි මහා විද්‍යාලය තුල වාර්ෂිකව පවත්වන උත්සව අතුරෙන් ඉතා ගාම්භීර උත්සවයක් වන ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අගෝස්තු මස 28 වන දින පැවැත්විණි.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024

 පාසලේ දරු දැරියන්ගේ කායික ,මානසික ,සමාජයීය හා අධ්‍යාත්මික සුවතාවයන්  පරිපුර්ණ කිරීමේ ඉලක්ක සපුරා ගැනීම උදෙසා සෑම දරුවෙකුම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කල යුතුය යන සංකල්පය මුලික කර ගනිමින් ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරතවන දුවා දරුවන්