මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය තුල වාර්ෂිකව පවත්වන උත්සව අතුරෙන් ඉතා ගාම්භීර උත්සවයක් වන ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අගෝස්තු මස 28 වන දින පැවැත්විණි.
මේ සදහා කටුගස්තොට නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මාලිකා ගම්ලත් මහත්මිය, විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය සහ ඩාර්ලි බට්ලර් සමාගමෙහි වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී අසේල හේරත් මහත්මයා , ජාතික ශිෂ්‍ය භට බලකායේ මේජර් එස්.පි.විදානගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සම්බන්ධ විය.
මෙහිදී විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර සදහා කේ.ටි.ජි.අයි.ටි.කුමාරගේ සිසුවාද ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර සදහා කේ.එම්.එස්.අයි.සෞම්‍යා ශිෂ්‍යාවද පත් විය.
මෙම උත්කර්ෂවත් අවස්ථාව ඉතා සාර්ථකව පැවැත්වීම උදෙසා සහයෝගය ලබා දුන් විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමිය , ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ,දෙමාපියන් වෙත හා විද්‍යාලයීය සෞන්දර්යය අංශය වෙත හා තොරතුරු තාක්ෂණ අංශය වෙත විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුය.





